අතර තුර ජීවිතය(නව කතාව)(1කොටස)
මේ කතාව ලියන්නට පටන්ගැනීම ම අසීරුය.එකදිගට ලියනවා කියන්නේ ම අතිශයින් ම දුශ්කර වැඩකි.ඒ මක් නිසා ද යත් ලියන්නේ ඇයි ද?චරිත මොනවාද?යන්න වත් එක් නිශ්චිතාර්ථයකින් ගැනීමට නොහැකිය.සැබෑවට ම මිනිස් ජීවිතය කියන්නේ ම කතාවකි.
"වේලාව පස්වරු තුනයි පනස් පහයි.මේ මරදාන දුම් රිය ස්ථානයයි.අටවෙනි වේදිකාවේ ඇති දුම් රිය මරදාන දුම් රිය ස්ථානයට පමණයි."
ගැහැනියක විසින් ස්ටේෂමේ යකඩ කට හඩවමින් කියා සිටියා ය.
වෙනදාට නම් දුම් රිය ගමනට ඉක්මන් හා යුහුසුලු වන මම මේ වන විට පුංචි පැංචිය සමග කෙලි සෙල්ලම් කරමින් සිටින්නෙමි.එහෙත් අද අතොරක් නැති කරදරයන් හා නිමක් නොමැති ණය බරින් මිරිකී පීඩිතව යන එන මග කරන්නේ කුමක් ද? කියන්නේ කාට ද?කියා නොදනිමින් ඔහේ ඉබාගාතේ යමින් සිටින්නාක් මෙන් මට දැනේ.
මොහොතකට පෑන නවතා දුම් රිය වේදිකාවේ සිට අහස දෙස බැලීමි.පැරණි දුම් රිය ගොඩ නැගිල්ලත් එහා පැත්තෙන් තවත් දුම් රිය ගොඩනැගිල්ලකුත් අතරින් ඒ දෙකට මැදි ව රූපශ්‍රීයෙන් විරාජමානව මහා තේජස් වී පාටකින් යුතුව නව මහල් ගොඩනැගිල්ලක් සුදු වන්ව දිලිසෙමින් ඇත.ඊට දෙපසින් පැහැදිලි හිස් අහස ය.
"හතර වන වේදිකාවේ තිබෙන දුම් රිය පොල්ගහවෙල බලා පිටත් වේ" නැවතත් ඒ හඩ දෙන්නේ දුම් රිය පලේ සේවයේ යෙදෙන ගැහැණියයි.
මිනිස්සු එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් යන්නේ මා සිටි වගක් ඔවුන් නොදැක්කා මෙනි.තරුණයින්ද තරුණියන් ද මහල්ලන් ද මැහැල්ලන් ද ප්‍රේමවන්තයින් ද සොරුන් ද මහතුන් ද ආදී කොට ඇති මේ සෑම සියල්ලෙක් ම කුමක් දෝ සොයමින් පසුවනවා මෙන්ම ඔවුන්ගේ ඇස් වල පවතිනුයේ අවිනිශ්චිත වූත් පීඩාකාරී වූත් මෙන් ම දුක්ඛිත හැගීම් සමුදායක් යැයි මට සිතෙන්නේ පොදුවේ පවතින තත්ත්වයේ ගොදුරක් ව මා සිටින නිසාවෙන් ද?නැතහොත් සත්‍යාර්තය වන්නේ එය නිසාවෙන්ද?යන්න මට ම පැහැදිලි නොවේ.
Comments
Post a Comment